බෝදිලිමා අඬන්නේboodhilimaa andannee

Bodilima Adanne

Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

බෝදිලිමා අඬන්නේ
බෝගන්දර හිරේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ

විළි රෑනේ දුක දරන්න
හුරු නැති නංගියේ
හූල්ලලා රෑ හුළඟට
ඇඟ හීගඩු පිපේ
බොවෙල දෙවියෝ බලන්න
වැදුම් ගෙදර රඟේ

කොපුල් ලෑව ගම ඉහළට
විලාප හඬ ඇසේ
සඳුන් කුමාරිට පඬුරක්
තියන්න නංගියේ
බෝදිලිමෝ නාඬද්දෙන්
සංසාරෙට බයේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.