Lyrics
(බිසව මගේ බිසව මගේ අග බිසව
බිසව මගේ රැජිණ මෙහි එනු මැනව....//)
තරහින් ඇයි ඔය අහක බලා
ඉන්නේ මාගේ හෘදේ තලා
බිසව මගේ බිසව මගේ අග බිසව....
අන්තක්පුරයේ සුව දුක් විමසන්නට ගිය බව ඇත්තයි
දහසක් අඟනුන් සමගින් කෙළි සෙල්ලම් කළ බව ඇත්තයි
කවුරුන් හිටියත් ඔබ නැත්තම් මගේ ජීවිතේ හරි තිත්තයි
රජකමටත් වැඩියෙන් මගේ බිසවට ආදරේ බව සත්තයි......
අන්තක්පුරවර හෙට සිට විසුරාලන්නට අණ දෙන්නම්
ඇතෙක් බරට වස්තුව රන් මිනි මුතු අබරණ පළඳන්නම්
මනරම් මල් මත මාළිගා තනවා ඔබ එහි හිඳුවන්නම්
ආදරයෙන් මගේ බිසව බලාගෙන සැමදා ළඟ ඉන්නම්......
(බිසව මගේ බිසව මගේ අග බිසව
බිසව මගේ රැජිණ වටහා ගනු මැනව....//)
දැන්වත් එන්නකෝ සිහිනිඟ නලවා
ආදරේ කියන්න හෙමිහිට කොඳුරා
බිසව මගේ බිසව මගේ අග බිසව
බිසව මගේ රැජිණ මගේ අග බිසව
බිසව මගේ රැජිණ මගේ අග බිසව.....