බිඳුනු පෙම් හදbindunu pem hadha

Bindunu Pem Hada

Lyrics

බිඳුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා...

(සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආද‍රේ...//)
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා...
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා...

බිඳුනු පෙම් හද...

(ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ...//)
දිනෙක ඇය මා අමුත්තන්‍ සේ
යලිත් හමු වේවී...
කඳුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්...

බිඳුනු පෙම් හද...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.