බිඳුණු හිතbindunu hitha

Bindunu Hitha

Music:
නුවන් ගුණවර්ධනnuwan gunawardhhana
Lyrics:
දීවක් පෙරේරාdhiiwak pereeraa

Lyrics

බිඳුණු හිත හඬන තරම් 
මගේම විතරමද කියන්න
නුඹට සිත බැඳුණු අයුරින් 
බැහැනේ අමතකම කරන්න

කඳුළක් දුන්නු පමණින් 
ඔහොම වෛර කරන්නේ
මොහොතකට හඬන හිතමයි 
තව මොහොතකට විඳින්නේ......

බිඳුණු හිත.......

වරදක් නොකළ වරදක් 
ඔබට පමණයි පෙනෙන්නේ
ඔබගෙන් හැදෙන හිතමයි 
යළි ඔබගෙන් බිඳෙන්නේ.......

බිඳුණු හිත......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.