බිඳුනු අතීතය සිහිකරලාbindunu athiithaya sihikaralaa

Bidunu Atheethaya Sihikarala

Lyrics

බිඳුනු අතීතය සිහිකරලා..
කඳුළු පුරෝගෙන හඬන්නෙපා..
පමාවෙලා අපි හමුවීලා..
මා යලි පතන්නෙපා..
මට ද මා හිමි නැති හින්දා...//

කඳුළු සලා ඉකිබිඳලා 
ඔය නිල් ඇස්දෙක රතුකරලා..
සිහිල සොයා අපි සමුගත්තා
නොදැනිම දස වසරක් ගෙවිලා
යලි එක තැන හමුවීලා
මට නම් වෙන්න එපා..
මට ද මා හිමි නැති හින්දා..

බිඳුනු අතීතය සිහිකරලා...

සිහින පුරා ඔබ එනවා.. 
නින්දක් නෑ මුළු රැයගෙවිලා..
ආයෙත් එන්නට බෑ පියඹා..
ඇයට මගේ හිත දුන් හින්දා..
කඳුලට නැවතුම තියලා
අමතක කරන්න මා..
මට ද මා හිමි නැති හින්දා...

බිඳුනු අතීතය සිහිකරලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.