බිඳුනාම විශ්වාසේbindunaama wishwaasee

Bidunama Vishwase

Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

රිදුනාදෙන් සිහිවෙද්දී අතීතයේ මතක 
සිටියා දෙන් ඔබ මනසේ කොහේම හෝ තැනක

කවදාවත් නෑ ඕනේ මට ආපහු කඳුල 
ඔබ ආයෙත් එන්න එපා පතා මගේ ඇසුර 
හැමදේම කරගත්තා මං පාඩමක් 
වරදින්නේ රැවටෙන්නේ නෑ ආයෙමත් 
දුක මාගේ නොතකාම හැරදා ගියත් 
මං පැතුවේ නෑ ඔබට කිසිදා දුකක් 

බිඳුනාම විශ්වාසේ නොසිතූ ලෙස 
හටගන්නේ සැකයක්ම විතරයි හිත 
ඔය වචන වැකි හොඳට පුරුදුයි මට 
ගැලපෙන්නේ නෑ කිව්වේ ඔබමයි අප 

කවදාවත් නෑ ඕනේ මට ආපහු කඳුල....

ආදරයේ හරි අරුත දන්නෑ ඔබ 
දැන උන්නා නම් තාම ඔබ මා ලඟ 
නෑ තරහා සුභ පතමි හරියන්නම
මා අතැර ගිය ගමන නොහැරෙනු මැන 

කවදාවත් නෑ ඕනේ මට ආපහු කඳුල....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.