Lyrics
භවයෙන් භවේ පැතුමන් පුරා
ආවේ සොයා මා හද ආදරේ
නදීෂානී... නදීෂානී...
නදීෂානී... නදීෂානී...
නෙතු කැන් සැලේ මා හද ගිම් නිවා
දෙසවන් පුරා ඒ හසරැල් සලා
පිපි මල් සිනාවේ මධු රොන් සලා
ළතැවුල් නිවා ඈ මට ළං වෙලා
භවයෙන් භවේ පැතුමන් පුරා...
නටඹුන් අතීතේ දෑතින් වසා
අද මෙන් සදා කල් සනසන්න මා
දිවි මං තලාවේ සෙවණක් සොයා
යුගයෙන් යුගේදී හමුවන්න මා
භවයෙන් භවේ පැතුමන් පුරා...
(නදීෂානී... නදීෂානී...
නදීෂානී... නදීෂානී)...//