Lyrics
බෙත්ලෙහෙම් පුරයේ සීතල රෑ යාමේ හිම කඳු හෙල් අතරේ
කඳු හෙල් අතරේ එඞේරු මතිනේ රන් තරු බැබළෙන්නේ
සුරදුතු එන්නේ අහස දිලෙන්නේ එඞේරු කැළඹෙන්නේ
සාමයේ ගීතේ...// පිළි රැව්දේ...
සුමඟුල් පුවතක් අප ගෙන එන්නේ
පුත් දෙවිඳුන් අද ඉපැදී ඉන්නේ
මහොතුම් දෙවිඳුන් මහිමය ඔබ වේ
දෙවි හද දිනුවෝ සාමේ සදන්නෝ...
නොබියව අසන්න සත හට මංගල සුපුවත දන්වන්නා
කිරකැටි කිතුඳුන් සංහිඳියාවේ දවි පුර උපදින්නා
හානකඩින් එතු දෙවි පුතු ගව ඔරුවේ දැන් සැතපෙන්නා
ගොසින් බලා වැඳ...// සාමේ ලොවට කියව්...
සුමඟුල් පුවතක්...
බෙත්ලෙහෙම් පුරයේ...