Lyrics
බෙල්ලන්විල වෙහෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ මගෙමයි සිතන්න
පෙම්බර රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න
(කඳුලැලි ඇහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයි
හසරැලි මුවට ඇවිත් මට ඔබ ගැන නිතර හිතෙයි)..//
දුක සැප කොහොම වුනත් වෙනසක් නම් නොවී තියේ
ආදර සිත පාමුල සෙනෙහස් මල් නිතර පිපෙයි
බෙල්ලන්විල....
(වරදෙදි සමා වෙන්න ආපසු එය නොකර ඉන්න
සතුටෙදි දරාගන්න එය වැඩිදුර එපා යන්න)..//
සුවඳට තුරුලු වෙලා සුසුම් පොදට ලැගුම් දෙන්න
ඔබ දෙව් දුවක් වෙලා හිත ලඟ මගෙ නතර වෙන්න
බෙල්ලන්විල....