බත කා ඉවරයි බලමින් උන්නොත්batha kaa iwarayi balamin unnoth

Batha Kaa Iwarai Balamin

Lyrics

බත කා ඉවරයි බලමින් උන්නොත් 
ටික කලෙකින් සිංහල හාලේ
ඉංග් ‍රිසි හරකා උඩරට ඉඩමේ 
පන්නන්නට සැරසෙව් රාලේ...
ගමේ ගෙදරකට සෙනෙහේ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තියෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ....

අනේ මගේ ළමයිනේ අඩනවිට
මොනවද උබලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ අද ඇත්නම්
සුද්දව හතරට පලනවනේ...
ඇහළ මහේ සිට නිදහස ඉල්ලන
පිපී වැනී ගිය මල් පිපුණා 
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුධ ගිනි දැල් නැගුනා....

සප්පායම් වී ජාතික ආලෙන්
කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද පර සුද්දන්
සිංහල පොළවේ කැති ගහලා..
කනිදේ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ
විටකට උතුරන තුරු හොද්දේ...

සිංහල දරුවන් උඩ විසි කරලා 
අමුණයි බයිනෙත්තුවේ කිප්පේ
පුරං අප්පු කන්දට වැඩි දෙයියෙක් 
මාර සෙනග මැද යම යුද්දේ...
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
අට හිස් තෙක් විසිවී වැටුණා
රණබිම මරණය මියුරුය කියලා 
පුරං අප්පු සටනට වැදුනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.