බැරි බර හින්දයි දරුවන් දුන්නේbaeri bara hindhayi dharuwan dhunnee

Bari Bara Hindai Daruwan Dunne

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

බැරි බර හින්දයි දරුවන් දුන්නේ
බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැං දරුවන් ඉන්නේ
මිත්තණියව ඔබ මිනිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ

කොළින් කොළට අතු ඉති පල දැරුවත්
ගහ වැඩිපුර ගෙඩි බිම හෙළුවා
හිසෙත් හිතෙත් බර කොතරම් තිබුණත්
ඔබට එකයි කාගෙත් දරුවා

බැරි බර හින්දයි....

වැරහැලි ඇඳලා සැප නැත දැකලා
රුව දුටුවම හදවත ඇල්වෙයි
ඔබ බුදුවන්නේ ගහ කොළ යට නොව
ගිහිගෙයි ගින්දර ලිප මුල්ලේ

බැරි බර හින්දයි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.