Lyrics
නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ
බරණැස් පුරයේ
තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ...//
වී එතරා සිප් සයුරා//
ධනු ශිල්පේද යුදයට නෙක කඩු හරඹද
උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද...//
නන් සිරින් වොරැඳි...
යන්නට වේය දැන් කල් පැමිණා මට
කල් පැමිණා
පිය රජුගෙන් අණ ලද්දෙමි සිය රටටා//
ගොස් එපුරා රජ වී එහෙටා//
මැති දනන්ගෙ මන සොඳ
පොබයන සඳ ලෙද
දැහැමින් රජකර වෙසෙමිය තුටු ලෙද...//
නන් සිරින් වොරැඳි...