බාඳුරා රාගයbaanduraa raagaya

Bandura Ragaya

Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
විශ්ව එස් මහානාමwishwa es mahaanaama

Lyrics

සියො ළඟ තෙමා සුවඳින් නුරා හද කලතනා 
ලවනෙත පුරා මුවරද සලා හැඟුමන් මවා
සිහිලැල් පවන් රොදින් ගෙන ආ නුහුරු හැඟුම්
සිතුවම් මතක පොදින් මැවෙනා සොඳුරු දසුන්
බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී 
ඔය රූ රටා හද සොයනා......

සළු තිරෙන් වසා ළැම හසුන් පවා පෑ රැඟුම් වශී කරවා
හැඟුමන් උතුරා දෙනෙතින් ගලනා යහනේ පෙම්වතිය වෙලා
බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී 
ඔය රූ රටා හද සොයනා......

කෙළිලෝල කතා යාමයක් පුරා දාහයෙන් ගතේ වෙලීලා
දැහැනේ හිඳ මා අමතකව ගියා මායාවතක් කියා
(බාඳුරා රාගයෙන් මන්මත් කෙරූ හසඟනාවී 
ඔය රූ රටා හද සොයනා......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.