බැමිණිතියා මහ සායේbaeminithiyaa maha saayee

Baminithiya Maha Saye

Lyrics

බැමිණිතියා මහ සායේ මහ වැව් දිය කිරි වැරු දා
මහලු හදවත දවන සුසුමෙන් කෑඳැති දරුවන් 
දෙතොලග පවස නිවූ අම්මා අම්මා අම්මා...
දෙතොලග පවස නිවූ අම්මා....

සෙනෙහස පුරවාමී තෙල් පානට
රෑ තුන්යාමේ හිත මොලවා ගෙන
දුරුතු හීතලේ වෙව්ලන දෑතින්
දඬුවැට බැඳ කිරි කුරහන් හේනට
නිදි වැරුවා අම්මා....

කුරුලු මවක සේ වී ඇට අහුලන
මැඩුවන් කන්දේ දුක සඟවා ගෙන
බොල් බැත ඇවිලෙන හුළඟට අල්ලා
පතකට වී ඇට සොයමින් යායක
කමත් වෙළු අම්මා....

බැමිණිතියා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.