බඹරෙක් ඇවිල්ලා (දෙවනි ඉනිම ටෙලි නාට්‍ය ගීතය)bambarek aewillaa (dhewani inima teli naatya giithaya)

Bambarek Awilla (Deweni Inima Teledrama Song)

Lyrics

බඹරෙක් ඇවිල්ලා 
කුසුමක් සොයාලා 
මේ මල් වනේ හැංගුනා
සුළඟක් හමාලා 
සුවඳක් ගෙනල්ලා 
මල් පීදිලා හිනැහුණා...

හද මල් ගාවා රහසක් පෑවා 
රහසින් කී ආදරේ 
හද කිති කවා... 
බඹරිඳු ආවා සෙනෙහස පෑවා 
දැනුණා හිතට දැනුණා 
වෙලුණා දෙහද වෙලුණා 
ආදරේ... 

තුරුලේ රැඳෙන්නම් 
සිහිනේ සරන්නම් 
හසරැල් මුවේ නංවලා 
ගීයක් වෙලා මං 
තාලේ වෙලෙන්නම් 
හිරිමල් කෙමේ මත් වෙලා... 

(හද මල් ගාවා රහසක් පෑවා 
රහසින් කී ආදරේ 
හද කිති කවා... 
බඹරිඳු ආවා සෙනෙහස පෑවා 
දැනුණා හිතට දැනුණා 
වෙලුණා දෙහද වෙලුණා 
ආදරේ...///) 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.