බඹරේ වැල්ලේ කැරකෙනවාbambaree waellee kaerakenawaa

Bambare Walle Karakenawa (Sina Sagaraya)

Lyrics

බඹරේ වැල්ලේ කැරකෙනවා සිකුරා නළලේ රඟ දෙනවා
ආලේ මාගේ මෝරනවා නෑඹුල් පෙම්මල් පූදිනවා......

තියාලා නළලේ තිලකේ බලාලා නෙතඟින් මදෙසේ
දොඩාලා දෙනුවන් රහසේ මැව් මැව් පෙනේ රුව දසතේ.....

ආලය මෝරයි මා ළය පාරයි පාලා මදහස මුවගේ
දීලා රස බස් සවනේ ගාලා ආ පෙම් ගඟ නිබඳේ
ඇදි ඇදී යයි දැන් මහදේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.