බඹර නාදේ (නිහඬ ගමනේ)bambara naadhee (nihanda gamanee)

Bambara Nade (Nihanda Gamane)

Lyrics

නිහඩ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවද වාගේ..//

ප්‍රාර්ථනා තවරා ආදරේ 
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ
ඇගිලිතුඩු තදකර මගේ නලලේ
සිදුන සියුමැලි නුබේ දෙතොලත අතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහෑගේ මගේම ලදුනේ..

දෑත් විදා ලමැදේ ආදරේ
එන්න විදගන්න රිසිසේ
නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ
ලබන හැම ආත්මයම ඔබගේ
ලගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී ඉමු දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ..

නිහඩ ගමනේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.