බැලුවෙ නෑනේ මාගේ දිහාbaeluwe naenee maagee dhihaa

Baluwe Nane Mage Diha

Lyrics

බැලුවෙ නෑනේ මාගේ දිහා
ඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමා
බැලුවා සෙව්වා හඳුනා ගත්තා
අද වාගේ එදත් මා පෙම් කෙරුවා //

ගැහැනුන් ලෝකේ ස්ථර නෑ
චපලයි කුහකයි බොළඳ තමා //
ප්‍රේම ලොවේ සොඳුරී මාගේ
කොමළයි වන දෙව්ලිය වාගේ //
බැලුවේ නෑනේ .......

පායන්නේ පුන් සඳ අහසේ
බැස යන්නේ දිය ඇළි වනයේ //
කොමළ නිසයි සොඳුරී මාගේ
ඔබ රූ රැජිණයි පෙම් ලෝකේ
බැලුවේ නෑනේ .....

පන මෙන් මම ඔබ රැකගන්නෙමි
මල් නෙලලා ගෙල සරසන්නෙමි //
ආලෙන් ජීවිත සැනසේවා
ඔබගේ පෙම මට හිමි වේවා //
බැලුවේ නෑනේ .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.