බලසෙන් පිරිපුන් කරමින්balasen piripun karamin

Balasen Piripun Karamin

Lyrics

බලසෙන් පිරිපුන් කරමින් 
සැලසුම් මැනවින් තනමින්
දහසක් නිපැයුම් කරමින් 
සෙබළුන් විරැවන් කරමින් 
යුධෝප බලකා සෙබළු අපි

අහසින් පොළවෙන් සයුරෙන්
සුවිසෙස් නිපැයුම් ලබමින්
දහසක් විරැවන් වෙනුවෙන් 
සැපයුම් නොපමා කරමින්
යුධෝප බලකා සෙබළු අපි

දිරියෙන් විරියෙන් අටියෙන් 
නිතැතින් පිරිසුන් කරමින් 
රකිමින් නිපැයුම් පණමෙන්
සැපයුම් නිසිතැන මොහොතින්
යුධෝප බලකා සෙබළු අපි

සංවිධිතයි වගකිමෙන්
සන්නද්ධයි අත්දැක්මෙන්
විරැවන් බලසෙන් වෙනුවෙන් 
නිබඳව අපි සුදානම් 
යුධෝප බලකා සෙබළු අපි

පෙරදින ජයපැන් වෙනුවෙන් 
කැපවුනි දිවියෙන් හැගුමෙන්
හෙටදින දරුවන් වෙනුවෙන් 
අපි සුරකිමු ලක්මව දිවි හිමියෙන්
යුධෝප බලකා සෙබළු අපි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.