බලන්න දුවේ පුතේbalanna dhuwee puthee

අපූරු අලුත් සතෙක් - Balanna Duwe Dagara Waliga

Lyrics

බලන්න දුවේ පුතේ - අපූරු අලුත් සතෙක්
මර්ෂුපිලාමියයි කියල මෙයාගෙ නම තිබුණෙ පොතේ
දගර වලිග ලප වානර අලුත් නමක් පටබදිතේ

දිය යට කිමිදෙනවා - අහසේ ඉගිලෙනවා
කොටියෙක් වගෙ පුල්ලි ඇතේ
දිග වලිගය කසය වෙතේ...
වලිගෙ බලෙන් දගරවලිග
විස්කම් පෙන්වයි දසතේ...

කැලෑ සතුන් විපතේ - වානර කුපිත වෙතේ
දගර වලිගයේ බලයෙන් එවැනි හූනියම් නසතේ
හොද අය කොයි කාටත් - වෙනසක් නෑ හිතවත් 
වානර කුලේ උනත් අපිටත් වැඩියෙන් යහපත්

පදිනව ඔංචිල්ලා - කඩනව ගස් හොල්ලා 
වලිගා නැති අපිටත් මෙහෙම වලිගයක් ලැබුණොත්
හනුමන්තාගෙ කුලේ - පෙන්වයි වලිගෙ බලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.