බලන ගලේ විහාරයටbalana galee wihaarayata

Balana Gale Wiharayata

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
රංග ලියනගේranga liyanagee

Lyrics

බලන ගලේ විහාරයට පෑයූ සදකී
පෙරහැර දා නුවර ඇවිත් මට හිමි සාවී
නුඹ හිටියේ රජ වීදියේ වාගෙයි කුමරී
පෙරහැර නෑ මං දැක්කේ මගේ සඳ සාවී

නපුරු වෙලා වෙන අහසක පෑයූ කුමරී
නුඹ බසිනා මග තාමත් ඝටිකා රාමේ
හීන අරන් ඔබ මා ගිය වීදි පුරා මේ
අමාවකට එළිය කලේ නුඹයි සදවතී

පෙමට බැදලා අපි ආගිය මේ සංසාරය
නිවනට මග කියාදුන්නෙ අටමං සංදිය
නිවාගන්න මේ ඇවිලෙන නුඹේ මතකය
මම හැඩුවා උතුරනකන් නුවර වැව් දිය

බලන ගලේ විහාරයට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.