බලා ඉන්නම් කල්ප ගානක් උනත් මංbalaa innam kalpa gaanak unath man

Bala Innam

Lyrics

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා...//

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා...
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා...//
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප......

මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා...
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා...//
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.