Lyrics
බලා දිවැසින් ලොවේ කඳුලැල්
දුක නිවූ කරුණා ගුණේ
සදා අප හද රැදේ බැති පුද
සුරිඳුනේ කඳ සුරිඳුනී
සුරිඳුනේ සුරිඳුනේ
කතරගමේ පුද අරණේ
බල මහිමේ අරුමේ
දියත සැමට පහදා
ලැදිව නිබඳ රකිනා
සුරිඳුනේ සුරිඳුනේ
බලා දිවැසින්
මැණික් ගගේ දිය රැළි සේ
අපේ හදින් නැගෙනා
පැතුම් සඵල කරනා
යදිමි පිහිට සැමදා
සුරිඳුනේ සුරිඳුනේ
බලා දිවැසින්