බක්කි කරත්තෙන්bakki karaththen

Bakki Karaththen

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

Lyrics

බක්කි කරත්තෙන් කුමරා එනවා 
කැන්දන් යන්නට මා 
නොදැනින් සිත පෙරමගට දුවනවා 
ආල හැඟුම් සපුරා//

ගොක් කොළ පෝරුව ගේ මැද සාලේ 
ගිතෙල් පහන් දල්වා 
ලස්සන මල් පොඩි ඔසරි ඇඳන් 
මගේ යෙහෙළියෝ හිනැහෙනවා 
ළඟ ළඟ ඔහු මගේ පැලට වඩින බව 
රබාන රහසේ පවසනවා 

බක්කි කරත්තෙන්...

රෑන් රෑන් එන පුංචි කුරුල්ලෝ 
දෙවැට ඉමේ සෙල්ලම් 
මාල ගිරව් කැල දෙවට දිගේ 
ඉඳ ගම් මැද්දේ කරණම් 
මල් වෙඩි පුපුරා නැගෙන හඬට
හද මොනවද මන්දා කොඳුරනවා 

බක්කි කරත්තෙන්...// 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.