බක් මී මල් පෙතිbak mii mal pethi

Bak Mee Mal Pethi

Lyrics

(බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැති දා වැලපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ...//)

(සඳ නෑ අහසේ අමාවකයි
පිට ගම් ගිය දා හිතට දුකයි...//)
තරු ඇස් දෙක හොරු අරන් ගියාදෝ
මට ලෙන්ගතු සිත අහිංසකයි

බක් මී මල් පෙති....

(මග තොට මුණ ගැහෙනා දාක
නෙතු පුරවා කඳුළින් සෝක...//)
සමාව දෙන්නට කළ වරදක් නෑ
වරද මගේ නුඹ අහිංසකයි

බක් මී මල් පෙති....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.