බජාර් එකේ ලලක්කාbajaar ekee lalakkaa

Bajar eke Lalakka

Music:
ජොලි සීයාjoli siiyaa
Lyrics:
ඇන්ටන් ජේ ප්‍රනාන්දුaentan jee pranaandhu

Lyrics

බජාර් එකේ ලලක්කා මල්ලී 
හිත හොඳ අක්කා සුර සැප වික්කා
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
මම ගෑණුත් දැක්කා මේ වගෙ ගැහැණු නොදැක්කා
මම ගෑණුත් දැක්කා මේ වගෙ ගැහැණු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා.....

මයියොක්කා පිපිඥ්ඤා වම්බටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
දැක්ක නොදැක්කා වාගේ නංගිට අක්කා.....

බජාර් එකේ ලලක්කා...

අක්කගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවළු වික්කා
කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා
නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා
නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා
වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා.....

බජාර් එකේ ලලක්කා...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.