බයිලා වෙන්දේසියbayilaa wendheesiya

Baila Wendesiya

Lyrics

බයිලා වෙන්දේසිය අරන් ආවා වරෙල්ලා
බැන්ජෝ රබං මැන්ඩලින්
බොන්ගෝ ඩ්‍රම්ස් ඔක්ටපැඩ් ගෙනල්ලා
බැන්දු රස ගුලාව ඉතින් අල්ලා ගනිල්ලා
බයිලා මල්ල ලිහලා දෙන්න
ලන්සු තියලා ඉඳගනිල්ලා ළමයිලා
(ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා...//)

බයිලා වෙන්දේසිය අරන්....

රාග තාල ගොඩයි බයිලා කලාවේ
ආලවන්ත අයටයි රස ගෙනාවේ
අහගෙන හිටියම තමන්ගෙ පාඩුවේ
ප්‍රිති සාගරේකි බයිලා යාලුවේ

කරපිංචා රම්පේ සේර කරදමුන්ගු කරාබු නැටි
කස්තුරි වගේ රසයිනේ බයිලා
(ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා...//)

බයිලා වෙන්දේසිය අරන්.... 

කෙහෙල් ගහට කොට්ටොරුවෝ බයයිනේ
කපන කොටලු සඳුන් සුවඳ හමන්නේ
බයිලා කියන්න ගිහිනුයි සමහරු නාන්නේ
නාගෙන ඇවිදින් කිව්වම රසයිනේ

කරපිංචා රම්පේ සේර කරදමුන්ගු....
බයිලා වෙන්දේසිය අරන්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.