බාගෙට සැලුම් දොරින්baageta saelum dhorin

Bageta Salon Dorin

Lyrics

බාගෙට සැලුම් දොරින් රින්ගා
නාගෙන ඕඩිකොලොන් රුන් ගා
එක්තැම් ගෙවල් වලින් 
ඉරිදට පියාබනා ටියුෂන්
කුමාරියෝ සොයනා 
බාගෙට සැලුම් දොරින් රින්ගා

ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින් ..//
පෙම්පත් පොතින් පොතට යන්නා
ලයිෂන් තියෙන නිසා ජවුසන් නටන නිසා
සිකුරුටි අහක බලා ඉන්නා

බාගෙට සැලුම් දොරින් රින්ගා .../

මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ.....//
එකපිට එකපිට හී විදිනා
සිල්පය පසෙක තියා සිල්පද බිදිනු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා....

බාගෙට සැලුම් දොරින් රින්ගා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.