බඳිමු සුදා (ගමේ ලස්සනම ලේලි)bandimu sudhaa (gamee lassanama leeli)

Badimu Suda (Game Lassanama Leli)

Music:
ලහිරු ද කොස්තාlahiru dha kosthaa
Lyrics:
පියත් රාජපක්ෂpiyath raajapaksha

Lyrics

නුඹ අතේ මුදු මාලයක් මං පළඳාවී
මධු සුවය සොයා සීතල ගමකට යාවී
ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවී
මුළු ජීවිතේ රෝස මල් යහනක් වේවි

දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී
ඇස් වහ දුරුවී බෝ කල් අපි සැමදා හිනැහේවී

කෝමලියා සිකුරුලියා කුමරියේ අපි හෙට බඳිමු සුදා
කෝමලියා සිකුරුලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
කෝමලියා සිකුරුලියා කුමරියේ අපි හෙට බඳිමු සුදා
කෝමලියා සිකුරුලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා

ඕ... හෝ... ඕ... හෝ...
ම්... හෝ... ඕ...
ඕ... හෝ... ඕ... හෝ...
ම්... හෝ... ඕ...

ගමේ ලස්සන මලීලී අපේ අම්මාගේ වේවී
නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී
නෑදෑයන්ට ගොඩක් ඊරිසියා හිතේවී
රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවී

දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී
ඇස් වහ දුරුවී බෝ කල් අපි සැමදා හිනැහේවී

කෝමලියා සිකුරුලියා කුමරියේ අපි හෙට බඳිමු සුදා...

ඕ... හෝ... ඕ... හෝ...
ම්... හෝ... ඕ...
ඕ... හෝ... ඕ... හෝ...
ම්... හෝ... ඕ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.