බැද්ද පුරා සුදු රෙද්දbaedhdha puraa sudhu redhdha

Baddha Pura Sudu Redda

Music:
පියසිරි විජේරත්නpiyasiri wijeerathna
Lyrics:
හෙන්රි තෙන්නකෝන්henri thennakoon

Lyrics

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස 
ඉද්ද පනා මල් කැන් පිපිලා//
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද//
නැද්ද කනෙයියනි රොන් හැදිලා
බැද්දට මල් වරුසාවක් වැහැලද 
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද...//

පාර වටේ ඇති සේරම ගස් 
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා
ගෙඩි හට ගැනිලා
පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මී පැණි පිරිලා
බැද්දට පැණි වරුසාවක් වැහැලද
ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලද...//

රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්
සීනු හඬින් රස ගී ගයලා 
රස ගී ගයලා
තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකී  නටලා
බැද්දට ගී වරුසාවක් වැහැලද
ගී පොද මේ හොට අස්සට පෙරිලද...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.