බඹරෙක් ඇවිල්ලා කුසුමක් සොයාලාbambarek aewillaa kusumak soyaalaa

Babarek Awilla

Lyrics

බඹරෙක් ඇවිල්ලා කුසුමක් සොයාලා
මේ මල්වනේ හැංගුනා..
සුලඟක් හමාලා සුවදක් ගෙනල්ලා
මල් පීදිලා හිනැහුනා..
හඳ මල් ගාවා රහසක් පෑවා
රහසින් කී ආදරේ හඳ කිතිකවා..
බඹරිඳු ආවා සෙනෙහස පෑවා
දැනුනා හිතට දැනුනා..
බැඳුනා දෙහඳ බැඳුනා ආදරෙන්..

තුරුලේ රැදෙන්නම් සිහිනේ සරන්නම්
හසරැල් මුවේ නංවලා..
ගීයක් වෙලා මං තාලේ වෙලෙන්නම්
හිරිමල් පෙමේ මත්වෙලා..
හඳ මල් ගාවා රහසක් පෑවා
රහසින් කී ආදරේ හඳ කිතිකවා..
බඹරිඳු ආවා සෙනෙහස පෑවා
දැනුනා හිතට දැනුනා
බැඳුනා දෙහඳ බැඳුනා ආදරෙන්.. ///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.