බැබලීම වගෙමbaebaliima wagema

Babaleema Wagema

Lyrics

බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ හිත
වෙනදන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී

හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකි වෙද
නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ලඟම ඇතී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.