බාගෙට සැලුන් දොරින්baageta saelun dhorin

Baageta Salun Dorin Ringa

Lyrics

බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා

(ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්...//)
පෙම්පත් පොතෙන් පොතට යන්නා
ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා
සිකුරිටි අහක බලා ඉන්නා

බාගෙට සැලුන් දොරින් රිංගා....

(මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ...//)
එක පිට එක පිට ඊ විදිනා
ශිල්පය පසෙක තියා සිල්පද බිඳිණු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා

බාගෙට සැලුන් දොරින් රිංගා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.