අයියට පුළුවනිayiyata puluwani

Ayyata Puluwani

Music:
ආනන්ද වෛද්‍යසේකරaanandha waidhyaseekara
Lyrics:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

Lyrics

අයියට පුළුවනි එකතු කරන්නට
දෙන ඕනෙම ගණනක් මොහොතින්
මට බැරි ඇයි අයියා වාගේ
නංගීට බැරිවෙද එකතු කරන්නට
ගුණදම් මුතු සේ මුතු මාලේ
අගයෙන් වැඩි එයමයි ලෝකේ....

අයියට පුළුවනි වෙර ගෙන වවන්න
ගොයමට බැස වැඩි අය වාගේ
මට බැරි ඇයි අයියා වාගේ
නංගීට බැරිවෙද හොඳ සිත් වවන්න
ගම රට තොට මුල්ලක් ගානේ
අගයෙන් වැඩි එයමයි ලෝකේ....

අයියට පුළුවනි අග මුල දකින්න 
පාසැල් පොත් අත ලද මොහොතේ
මට බැරි ඇයි අයියා වාගේ
නංගීට බැරිවෙද අකුරු කියන්නට
ජීවිත පොත් පෙළ සක් සුදු සේ
අගයෙන් වැඩි එයමයි ලෝකේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.