අයියාට මේ රජගේayiyaata mee rajagee

Ayyata Me Raja Ge

Lyrics

චිත්‍රපටය : පුරුෂ රත්නය (1959)

අයියාට මේ රජගේ මල්ලි හදාලා 
ඔබෙ මල්ලි හදාලා 
(රජගේවත් නැත මින් ලස්සනට තියාලා...//)
නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ 
කරදර නැතුව පාඩුවේ

(මකුළුවෝ දැල් නොබඳි කුස්සියේ දුම් නොඇතී...//)
(වැස්සට වහළ බිඳී වැහි දිය ගෙටම එතී...//)
මෙහි නෑ දොර ජනෙලේ 
මොකටද දොර ජනෙල් රෙදි

අයියාට මේ රජගේ මල්ලි හදාලා 
ඔබෙ මල්ලි හදාලා 

(දූවිලි බැඳෙන නිතී ඇඳ පුටු මේස නැතී...//)
(අඬ ගැහුවත් නැවතී මේ ගෙට හොරු නොඑතී...//)
වැඩකාරයෝ මොකටද දෙයියෝ දුන්න දෑත ඇති

අයියාට මේ රජගේ මල්ලි හදාලා 
ඔබෙ මල්ලි හදාලා 

(ඔය අත ළඟම ඔබේ පොත් ටික 
පෙලට තිබේ...//) 
(එළි වෙනතුරුම ඉබේ හොඳ හැටි 
එළිය ලැබේ...//)
වියදම නැතුව අපිට පහනත් මහ පාරෙ තිබේ...

අයියාට මේ රජගේ මල්ලි හදාලා 
ඔබෙ මල්ලි හදාලා 
(රජගේවත් නැත මින් ලස්සනට තියාලා...//)
නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ 
කරදර නැතුව පාඩුවේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.