ඇයි කදුළු බිංදුaeyi kadhulu bindhu

Ayi Kandulu Bindu

Lyrics

ඇයි කදුළු බිංදු  මනමාලිගේ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනා වෙන්න  
කුසුම් නංගියේ......

තටු කැඩී අතීතය හඬාවී 
මගේ පුංචි පාළු කැදැල්ලේ
ඒත් හීනෙන්වත් නුඹට දුකක් 
වෙන්න එපා රත්තරන් නගේ.....

තනා හිත ගිය තැන මාලිගාව 
නිදාගන්න සිරි යහන් ගැබේ
මම කරුණාවයි නැහැ තරහක් 
ජාති ජාතිවත් මගේ හිතේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.