Lyrics
එක හිතක නැති ඔයා හිත හීලෑ නැති නිසා
මදිද ආදරේ කළා බොරු කෙරුවේ මට හිතාමතා
දුක හඳුනගෙන සමා දුන්නේ ආදරේ නිසා
හැදෙන්නේ කටකතා, හදන්නට බැරි නිසා ඔයා
(වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හඳුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ...//)
පෙනුමෙන් හැඩරුවෙන් ලස්සනෙන්
ඇඳුමෙන් පැළඳුමෙන් කලු සුදෙන්
බැහැ මනින්නට කෙනෙක් කොහොමවත්
ඇත්තමයි සත්තකින්...
ගතිගුණෙන් පැවතුමෙන් හැසිරුමෙන්
කථනයෙන් හොඳ හිතක් පහසුවෙන්
හඳුනගන්න පුළුවන් රත්තරන් මං මෙතෙක් රැවටුනත්
(වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හඳුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ...//)
ඔබේ නමත් කැත කරන්
ගිය තැනින් යලි ඇවිත් නෑ පලක්
මගේ ළඟින් නෑ ඉඩක් දෙන්න නම්
ආයේමත් මතකයක් මට ඔයත්
දුක දරන් හිත හදන් හිටියේ මං
නෑ කෙනෙක් කෑවාවත් ඇහුවෙවත්
ඔබට මං ආදරේ කෙරූ තරම් ලෝකයත් දැනගෙනත්
(වරක් වරද්දගෙන පාඩමක් ඉගෙනගත්ත
මට ආයෙත් වරදින්නෑ
ඉතින් මට සුදුසු කවුද හඳුනගෙන ඉන්නේ
මම ආයෙත් රැවටෙන්නෑ...//)