ආයෙත් දවසක හමුවේවීaayeth dhawasaka hamuweewii

Ayeth Dawasaka

Lyrics

ආයෙත් දවසක හමුවේවී
හිනා වෙන්න බැරි වේවී
හිතින් වත් හිනා වී 
යන්න හිත නොදෙවී
එදා මෙන් අදත් ඔබේ ලග
තුරුල් වෙන්න බැරි වේවී 
මතක් වෙන වෙලාවේ 
හිතේ ලොකු දුකක් මැවේවී....//

මේ හින හුස්මක් තරමින්
වත් නැ අඩු වෙලා
ඔබ මාව හැර යන බව
දැන දැන මා පෙම් කලා
එක පාර මගෙ හිත කැඩුවට
හිත නැ තරහ වෙලා
ඔබ මාව අමතක කෙරුවට 
නැ අමතක කරලා

අමනාප වෙන බව දැනුනම
හිත මගෙ සසල වෙලා 
ලග උන්නු හැටි අපි මතකද 
එක ළග තුරුලු වෙලා 
ඔබ තාම තරහද මා හා
ඇයි  දරුණු වෙලා
ඔබ මාව අමතක කෙරුවට 
නැ අමතක කරලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.