ආයෙමත් ඔයා දුර ගියාaayemath oyaa dhura giyaa

Ayemath Oya Dura Giya

Music:
හිරාන් තේනුවරhiraan theenuwara
Lyrics:
රන්දික අමරසූරියrandhika amarasuuriya

Lyrics

හිස හොවා මගේ ලය පුරා 
ආදරේ සොඳුරුකම් කියා
උණුහුමත් මගේ මදි වෙලා 
ආයෙමත් ඔයා දුර ගියා
(ආයෙමත් ඔයා දුර ගියා......//)

නැගෙන බිඳෙන රළ පෙළ වගේ 
රැඳෙන සිඳෙන නුඹේ ආදරේ
ආයෙත් මා වෙත එනතුරා
මග බලා ඉමි කඳුළු සඟවමි......

හිස හොවා මගේ.......

හැඟෙන දැනෙන හිත රිදවලා
මතක සුවඳ එහි තවරලා
සැඟවුණත් මගේ හිත අරන්
මම බලා ඉමි කඳුළු සඟවමි......

හිස හොවා මගේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.