ආයේ වතාවක් ඔබ මාaayee wathaawak oba maa

Aye Wathawak Oba Ma

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
රේරූreeruu

Lyrics

ආයේ වතාවක් ඔබ මා සොයන්නට එපා
නුඹේ මනාපෙට ඉඩ දී මා ඈතකට ගියා
නුඹේ හිතට හරියන්නේ මගේ නෙතේ කඳුළු නම්
අනේ කමක් නෑ ඒකත් නුඹේ කැමැත්තක්
නුඹේ කැමැත්තක්......

නුඹව රකින්නයි රණ්ඩු කළේ මට නුඹ පණ වාගේ
තේරුම් ගත්තා නම් නුඹ මා හැරයන්නේ නෑ මා
නොඅඬා අසා ඉඳින් කියමි හදවතින් 
නවතින්න ඔහු ළඟින් යමි මා ඔබේ ළඟින්.....

ආයේ වතාවක් ඔබ......

උනන්දුවක් මට නුඹ ගැන නෑ දැන් ඉස්සර වාගේ
වෙනස් කළේ මේ හිත නුඹමයි දෛවය මෙයයි අපේ
නොඅඬා අසා ඉඳින් කියමි හදවතින් 
නවතින්න ඔහු ළඟින් යමි මා ඔබේ ළඟින්.....

ආයේ වතාවක් ඔබ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.