Lyrics
ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ.......
මතක සිත්තම් තවම සිත තුළ
නුඹව සිත්තම් කරනවා
මිහිරි මතකේ සිහිව අදටත්
(නුඹව මගේ නෙතු සොයනවා......//)
ආයේ නම්......
දෑස හඬවා දුකක් දුන්නද
මම නුඹට කිසිදාකවත්
ආය දවසක ඉමුද ළං වී
(මියෙන්නට පෙර ආදරෙන්......//)
ආයේ නම්......