ඇයිදෝ මගෙන් වෙන් වීලාaeyidhoo magen wen wiilaa

Aydho Magen Wenveela

Lyrics

ඇයිදෝ මගෙන් වෙන් වීලා
ඔබ යන්නෙ කොහෙදෝ ළඳුනේ
සැනැහී සදා ඔබ ඉන්නයි
පැතුවේ හදෙන් තනිවී
මා පැතුවේ හදෙන් තනිවී
ඇයිදෝ මගෙන් වෙන් වීලා

බමරුන් මේ ඇයි දුක්‌ ගීතේ
පරවෙන්න ඇයි මල් පිපුණේ
සැංගෙන්නෙ ඇයි සඳ අහසේ
හිනැහෙන්නේ සඳ තරු එළියේ

උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේ

සැනසෙන්න වනමල් පිපුණේ
බමරුන් ද ඒ වෙත යන්නේ
හැංගෙන්නේ නෑ සඳ ආයේ
හිනැහෙන්න තරු ඒ යාමේ

උපදින්නේ ඔබ මතු බවයේ - හිනැහෙන්න සුහදී පෙරසේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.