Lyrics
සංසාර දෑසේ මා ඇයගේ සිනා රැඳිලා
මතකේ මැවෙන්නේ රෑ පුරා
ගං ඉවුර ළඟ පිපෙනා මල්යාය පරදවනා
ලස්සන ඔයාගේ වාසනා
ඇස් ආදරෙන් දෝරේ යන මං බලා
මම කෝම ඉවසන්නේ නුඹගේ සිනා
කැන්දාන මල්පාරේ යන්නම් ඔයා
ඔය කෝලම් කතා මාගෙමයි සෑමදා
සඳ වාගෙ දිලෙනා සුදු මුහුන ඕනා
ගම්මානෙ මැණිකයි ඔයා
සුදු සේල පළඳා මුතු මාල දාලා
නුඹේ රූපේ කැටයම් වෙලා
උන්මාද වූ සේයා මගෙ හිතේ පුරවාලා
කොහෙදෝ හිඳින්නේ හැංගිලා
මුදු හාදුවක් දීලා මං ගාවටම වීලා
කවදා හිඳින්නේ ලංවෙලා
ඇස් ආදරෙන් දෝරේ....
සඳ වාගෙ දිලෙනා....