ඇය මගෙම වෙලාaeya magema welaa

Aya Magema Wela

Music:
ජේක් රෙකමන්jeek rekaman
Lyrics:
මලිඳු ප්‍රනාන්දුmalindu pranaandhu

Lyrics

පුරහඳ සඳ එළියෙන් නැහැවුණු 
රැයකදි ගී මිහිරෙන් පිබිදුනු 
දුටු ලස්සන කෙල්ලෙක් ලඟ මගේ සිත නතර වෙලා

මුව අද්දර සිනහව රැන්දුනු
ගී පදවැල් හෙමිහිට මුමුණපු 
දිගු නෙත් වරලස ඇගේ වත ලඟ සිත නතර වෙලා

සුලඟේ පාවෙලා ඇවිදින් සුවඳක් ඉඟි කලා 
සිත ඇඳි රුව නිසා අශා දහසක් එක් වෙලා 
සිහිනේ ඈ වෙලා නොනිදා සිටිමින් රැය පුරා 
සිහිනේ දැවටිලා ඉන්නට බෑ සිත පිබිදිලා 
ඈ නිසා 

දුටු දුටු තැන ඇගේ රුව දිස් වුනු 
ඇය දුටු තැන සිත මගේ නැවතුනු 
ඉඟියෙන් මම කී දෙය වැටහුණු ඇය මගෙම වෙලා 
 
හෙමි හෙමිහිට දින සති නික්මුණු 
අතිනත ගන්නට අපි සිත්වුනු
මනමාලියකට සැරසී අද ඇය මගෙම වෙලා 

සුලඟේ පාවෙලා ඇවිදින්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.