ඇය හෙමින් විත් එදා aeya hemin with edhaa

Aya Hemin With Eda

Lyrics:
බුද්ධදාස රාජපක්ෂbudhdhhadhaasa raajapaksha

Lyrics

ඇය හෙමින් විත් එදා 
මගෙ හද අරන් ගියා 
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මග බලා....මම හිඳිමි මග බලා...//

මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි 
හා... ආ.....ආ.......ආ..........
මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි 
ඇගෙ පවන සිසාරා....ඇගෙ පහස පතාලා.... 

ඇය හෙමින් විත් එදා.../

තණපත් වලින් මිදී  උදු පියලියාපෙති
හා... ආ.....ආ.......ආ..........
තණපත් වලින් මිදී  උදු පියලියාපෙති
නිප කුල් පහස සොයා 
ඇගෙ පෙරමග හිඳී...

ඇය හෙමින් විත් එදා.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.