ඇවිලුනු ගින්නaewilunu ginna

Awilunu Ginna

Album
Awilunu Ginna

Lyrics

Hook - i Mac
රාගි සිතුවිලි මතම වෙලුනේ
අදුරු කුටියක දිවිය කෙලෙසි
කදුලු අතරින් සිතම දැවුනි
සසර මග මැද නිරය මැවුනේ

දහස් ගනනින් හැගුම් මැවුනා
සයනයේ කටු මල් විසිරැනා
එදා ඇවිලුනු ගින්න ලග මා
අදත් ඇවිලේමි දුකක් ගෙනෙනා

Rap - DC Boy
අන්දකාරේ සුසූම් හෙලයි අවසිහියෙන්
අතීතෙන් විදවයි විදල හින්ද එදා සිහිනෙන්
යතාර්තය නොපෙනි සින්ද මලක පෙති පිහියෙන්
මකන්න බැරි මතක වෙදනා ගෙනෙමින් 
සිහිවෙයි ඇයට

වැලපෙයි මනස නිදි නැ සවස ගින්දරක් දවස
හිංසාවක් පවක නින්දාවක් පැලද මංදාරම් ලොවක සිරගත ඈ මිලක් පතයි නිරුවත්
වියරුවෙ මිනිසෙක් තවත් රසක් පතයි

මුලාවක් ජිවිතේ තිරන ඇගෙ අසම්මතයි
වරදකාරියි කාලයක්ම අකාලේ අසාර්තකයි 
හොයන්න බෑ ආලෝකයක් තනිකමයි කලුවරයි
හිස් බවක් පමනයි හැගීම් වැටෙන  සලුවලයි

ආතමය සංතාපයෙන් බිලි අරගත් ශාපයක
දැවෙන්නෙ හෘදසාක්ශියේ ගිනි අරගත් තාපයක
පාපයක වාතයක් නැති අවකාෂයක
අයදියි සමාව විනාශකාරි කාමයක

සලිත කර මනස අතිතේ ගෙවිය
පවිත්‍ර නැති අදුර නසන්නේ එලිය
අර්ත අහිමි කල්පනාවක් සොයන්නද පිලියම
නොහැගි අද හැගේ නසාගත් සියදිවියම

Hook - i Mac
රාගි සිතුවිලි මතම වෙලුනේ
අදුරු කුටියක දිවිය කෙලෙසි
කදුලු අතරින් සිතම දැවුනි
සසර මග මැද නිරය මැවුනේ

දහස් ගනනින් හැගුම් මැවුනා
සයනයේ කටු මල් විසිරැනා
එදා ඇවිලුනු ගින්න ලග මා
අදත් ඇවිලේමි දුකක් ගෙනෙනා

Bridge - Aki Vish
ආදරේ අකුරැ තුනක අර්ථය නොදැනි 
රාගයේ අකුරැ තුනක කර්මය නොදනි
කදුලින් පැවසු දේ මව්පිය දෙනෙතේ.
කදුලු කතාවේ අවසානේ මරණයකි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.