ඇවිදින් මගක් ගෙවලා දුරක්aewidhin magak gewalaa dhurak

Awidin Magak Gewala

Lyrics

ඇවිදින් මගක් ගෙවලා දුරක්..
ආපසු හැරි යන්නදෝ ලන් වුනේ..
මේ හිටි ගමන් මේ හැටි තරම්..
කා හින්දදෝ වෙනසක් ඔබේ මේ තරම්..

රැවටුනා නොවේ හැමදාමත් උනේ..
විශ්වාස කල හින්දායි මට වැරදුනේ..

දෛවෙන් මන් විදවන්න තිබිලා ඇති..
හමුවුයේ ඒ හින්දා වෙන්නැති ඔයා..
පැතු හින උඩු සුළගේ විසිරි ගියා..
වෙන හිතක පැටලිලා ගිය දා ඔයා..

රැවටුනා නොවේ හැමදාමත් උනේ..
විශ්වාස කල හින්දායි මට වැරදුනේ..

වෙන කාගේ කිසිදාක වෙන්නැ කියා..
නැතිවාද දැන් මතක් ඒ කී ක ‍ථා..
මතකෙන් ගිලිහී මාගේ යන්නට ඔයා..
නෙතු පියවී මා යන්න වෙයි මියදිලා..

ඇවිදින් මගක් ගෙවලා දුරක් 
ආපසු හැරි යන්නදෝ ලන්වුනේ
මේ හිටි ගමන් මේ හැටි තරම්
කා හින්දාදෝ ඔබේ මේ තරම්..

රැවටුනා නොවේ හැමදාමත් උනේ..
විශ්වාස කල හින්දායි මට වැරදුනේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.