ආවාට තිබුණත් නිසසල සඳ මතaawaata thibunath nisasala sanda matha

Awata Thibunath Nisasala

Lyrics

ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප් ‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදු පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි

මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැගූ ඒ සුබ  ‍මොහොතේ //
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි මසිත වෙලාගත්තේ

සාදා කාලයෙන් සදා කාලයට
අපිට උරුම නෑ දුක්  කඳුළු //
මැලවුනු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා

ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප් ‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදු පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.