අවසරදෝawasaradhoo

Awasarado

Music:
නිමන්ත හේෂාන්nimantha heeshaan
Lyrics:
නිමල් ජයවීරnimal jayawiira

Lyrics

අවසරදෝ කුමරියේ ඔබේ දෙපා සිඹින්නට
නෑ තුරි දැන තුරු හඬා වැලපිලා
පෙරදාක මුළු රැයේ සඳ තරුද ගොළු වෙලා
මල් යහනේ කටු පඳුරු බිහිවෙලා...

කාවේරි ගං පතුල සිඳි ගිය වැලි තලයක් 
අපේ පෙම් පුරානේ හෙළි කළා
ශිව තාණ්ඩව වනේ පාර්වතියගේ සෙනේ
අග්නියෙන් පෙම්වතුන් බිහිකළා......

බුදුන් දෙවියන් වඳිමු සඳුන් කල් කැන් පුරමු
අපේ දුක් පහව යයි වියැකිලා
මුණිවරු වැඩි බිමේ මෙහෙසුරු අඩවියේ
මට සමා වුව මැනවි හිනැහිලා......

අවසරදෝ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.