Lyrics
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලඳේ
බඹරෙකු වන්නට නොහෑකිව ලත වෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලත වෙන
මා අභියස ඔබ සයුර නොවේ
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඈත ලොව සතර දෙසේ
ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ
අවසර නැත මට....